වතු කම්කරුවන්ගේ වැඩ වර්ජනය අවසන්

වතු කම්කරුවන්ගේ වැඩ වර්ජනය අවසන්

by Staff writer 12-12-2018 | 10:04 AM

COLOMBO (News 1st) - සිය දෛනික මූලික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලා වතු කම්කරුවන් ආරම්භ කළ වැඩ වර්ජනය අත්හිටුවා තිබේ.

ඒ, ලංකා කම්කරු කොංග්‍රසයේ නියෝජිතයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ඊයේ රාත්‍රියේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි. දින 08 ක් පුරා ක්‍රියාත්මක වූ වැඩ වර්ජයෙන් වතු ක්ෂේත්‍රයේ කටයුතු රැසක් අඩාල වූ අතර කම්කරුවන්ගේ වැටුප් ගැටලුව කඩිනමින් විසඳන බවට ජනාධිපතිතුමා පොරොන්දුවීමත් සමග වර්ජනය අවසන් කළ බව ලංකා කම්කරු කොංග්‍රසයේ උපනායක එස්. අරුල් සාමි මහතා පැවසුවේ ය.