2019 ලෝක ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය ඉන්දියාවට

2019 ලෝක ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය ඉන්දියාවට

by Staff writer 11-12-2018 | 2:29 PM
2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය ඉන්දියාවේ මුම්බායි නුවරට රැගෙනවිත් තිබේ. 2019 ලෝක ක්‍රිකට් ශුරයින්ට පිරිනමන කුසලානය ලොව වටා ගෙන යාමේ චාරිකාව පසුගිය අගෝස්තු මසදීයී ආරම්භ විය. එම චාරිකාව ඇරඹුණේ, ඩුබායිහි පිහිටි අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන මූලස්ථානයේදීයී. ඉතිහාසයේ පළමු වරට ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා නොකරන රටවල් සඳහා ද මෙවර ලෝක කුසලානය ප්‍රදර්ශනය කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කීරීම විශේෂත්වයකි. ඒ අනුව නේපාලය, අමෙරිකාව, ජර්මනිය ඇතුළු රටවල් 11 කට ලෝක කුසලානය මෙවර රැගෙන යාමට නියමිතයි. 2019 වසරේ පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරයින්ට පිරිනමන ශූරතා කුසලානය ඉන්දියාවේ මුම්බායි නුවරට රැගෙන ආ අතර ඉන්දියාවේ විශාල ක්‍රිකට් ප්‍රේක්ෂකයින් පිරිසක් එය නැරඹීමට පැමින සිටියහ. මෙවර ලෝක කුසලානය රටවල් 21 ක පිහිටි නගර 60ක ප්‍රදර්ශනය කරීමට කටයුතු සූදානම් කර තිබේ. ඊට අමතරව පාසල් ක්‍රිකට් ලෝලීන්ගේ නිවාස, විශ්වවිද්‍යාල ඇතුළු විවිධ ස්ථානවල මෙවර ලෝක කුසලානය ප්‍රදර්ශනය කිරීමට නියමිතයි. ඉන්දියාවට පැමිණි චාරිකාව පසුව නවසීලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, කෙන්යාව, රුවන්ඩා, නයිජීරියාව, ප්‍රංශය, බෙල්ජියම, නෙදර්ලන්තය, හා ජර්මනියට ගමන් කිරීමට සැලසුම් කර තිබේ. ලෝක කුසලානය රැගත් කණ්ඩායම ලබන වසරේ පෙබරවාරි 19 වනදා මහා බ්‍රිතාන්‍යට පැමිණිමෙන් පසු ලෝක කුසලානය රැගත් සංචාරය අවසන් වේ.