by Staff writer 11-12-2018 | 8:47 PM
COLOMBO (News 1st) - පළාත් සභාව විසුරුවා හැර තිබියදීත් සබරගමුව පළාතේ රැකියා ලබා දීමේ සිද්ධියකට අද විරෝධය පළ විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු හා පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් අද පෙරවරුවේ සබරගමුව පළාත් සභාවට පැමිණියේ පළාත් නිලධාරීන් විසින් නීති රීති උල්ලංඝනය කරමින් නව රැකියා ලබා දීම වහා නවතා දමන්නැයි ඉල්ලමිනි.
ආණ්ඩුකාරවරිය එම අවස්ථාවේ කාර්යාලයේ නොසිටි අතර පිරිස නිලධාරීන්ට සංදේශයක් භාර දී ඉල්ලා සිටියේ මෙම කටයුත්ත වහා නවතා දමන ලෙස ය.
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසුවේ, නීත්‍යානුකූලව දේශපාලන පක්ෂ භේදයකින් තොරව මෙම පත් වීම් ලබා දීම සිදු කරන බව ය.