පූවරසන්කුලම් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

පූවරසන්කුලම් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට

by Sagarika Chathumali 11-12-2018 | 6:15 AM
COLOMBO (News 1st) : වව්නියාව, පූවරසන්කුලම් පොලීසියේ ස්ථානාධිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ඒ, ඔහු 2010 වසරේ කිරිබත්ගොඩ පොලීසියේ ස්ථානාධිපතිවරයාව සිටි සමයේ සිදු කර ඇති බව කියන පුද්ගල පහරදීමක් සම්බන්ධයෙනි. ඊයේ රාත්‍රී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ, අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අදාළ පුද්ගලයා කෘර ලෙස වධ හිංසාවට ලක්කර මෙම පහරදීම සිදු කර ඇති බවට අදාළ ස්ථානාධිපතිවරයාට චෝදනා එල්ල වී තිබේ. පහරදීම සම්බන්ධයෙන් මහර අධිකරණයේ පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතින බව ද පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.