ප්‍රශ්න පත්‍ර මොණරාගලට රැගෙන යාමෙන් අම්පාරේ සාමාන්‍ය පෙළ සිසු පිරිසක් දැඩි අසීරුතාවට

by Staff writer 11-12-2018 | 9:31 PM
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අද පැවති සෞන්දර්ය විෂයන්ට මුහුණ දීමට සූදානම්ව සිටි අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක දරුවන්ට අනපේක්ෂිත අත්දැකීමකට මුහුණ දීමට සිදු විය. ඒ, නියමිත වේලාවට ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථානවලට නොලැබීම හේතුවෙනි. පසුව කළ සොයා බැලීමේදී අනාවරණය වූයේ, අම්පාර දිස්ත්‍රික්කයට රැගෙන යා යුතු ප්‍රශ්න පත්‍ර කට්ටල කිහිපයක් මොණරාගලට රැගෙන යාම හේතුවෙන් මෙම ගැටලුව නිර්මාණය වී ඇති බව ය. මීට වගකිව යුත්තේ කවුද.? දරුවන්ට ඒ හරහා සිදු වූ අසාධාරණයට ලැබෙන සහනය කුමක් ද?