දුම්මලසූරිය පොලිස් අත්අඩංගුවේදී සැකකරුවෙකු මියයයි

දුම්මලසූරිය පොලිස් අත්අඩංගුවේදී සැකකරුවෙකු මියයයි

by Staff writer 11-12-2018 | 6:25 AM
COLOMBO (News 1st) : නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සම්බන්ධයෙන් දුම්මලසූරිය පොලිසියේ අත්අඩංගුවට පත් වූ සැකකරුවෙකු මියගොස් තිබේ. පොලීය පැවසුවේ, උඩුබද්ධාව ප්‍රදේශයේ පදිංචි අදාළ සැකකරු ඊයේ පස්වරුවේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරු පැදියකින් දුම්මලසූරිය පොලීසියට රැගෙන එමින් සිටියදී ඔහුට ක්ලාන්ත තත්ත්වයක් හටගෙන ඇති බවයි. එහදී සැකකරු කුලියාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර අනතුරුව ඔහු මියගොස් ඇතැයි පොලීසිය පැවසී ය. මියගොස් ඇත්තේ 48 හැවිරිදි උඩුබද්ධාව, මහආර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.