ජනාභිමානී සම්මාන උළෙලේදී News 1st හා සිරස සම්මානයට

ජනාභිමානී සම්මාන උළෙලේදී නිව්ස්ෆස්ට් හා සිරස සම්මානයට

by Staff writer 11-12-2018 | 10:36 PM
COLOMBO (News 1st) - ජනාභිමානී ගෞරව ප්‍රණාම සම්මාන උළෙල අද කොළඹදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයට මෙන්ම ජනමාධ්‍ය ක්ෂේත්‍රයට මෙහෙවරක් කළ කලාකරුවන්, නිර්මාණකරුවන් රැසක් මෙහිදී ජනාභිමානී ගෞරව ප්‍රණාම සම්මානයන්ගෙන් පිදුම් ලැබූහ. රූපවාහිනී හා ගුවන් විදුලි නිවේදිකාවක ලෙස හා සමාජ උපදේශිකාවක ලෙස කළ මෙහෙය අගයමින් නිව්ස්ෆස්ට්හි බර්නඩීන් ජයසිංහ ද මෙහිදී ජනාභිමානී ගෞරව ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබුවා ය. වරදත්ත අරවින්ද මෙහිදී සම්මානයෙන් පිදුම් ලැබුවේ, විසි වසරක් තුළ සිරස රූපවාහිනිය ඔස්සේ විවිධ වැඩසටහන් අධ්‍යක්ෂණය කරමින් දැක්වූ විශිෂ්ටත්වය අගයමිනි. හෙළ සිනමාව වෙනුවෙන් දශක තුනක් මුළුල්ලේ සිදු කළ සේවය අගයමින් සිරස රූපවාහිනියේ ප්‍රදීප් මහේෂ් ලියනගේ මෙහිදී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවේ ය.