ඉන්දීය ඡන්ද ප්‍රතිඵල අනුව කොංග්‍රසය පෙරමුණේ

ඉන්දීය ප්‍රාන්ත මැතිවරණ ප්‍රතිඵල: කොංග්‍රස් පක්ෂය ඉදිරියෙන්

by Staff writer 11-12-2018 | 2:19 PM
ඉන්දියාවේ ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රාන්ත තුනක මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵලවලට අනුව කොංග්‍රස් පක්ෂය ඉදිරියෙන් සිටී.  ඒ මධ්‍ය ප්‍රදේශ් ,රාජස්ථාන් සහ චැටිස්ගා ප්‍රාන්තවලයි. ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, භාරතීය ජනතා පක්ෂය සහ කොංග්‍රස් පක්ෂය අතර තියුණු තරගයක් පවතින බවයි. කෙසේ වෙතත් මෙය භාරතීය ජනතා පක්ෂයට තාවකාලික පසුබෑමක් වනු ඇති බව විචාරකයෝ පවසති. ඉන්දියාවේ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසර මුලදී පැවැත්වීමට නියමිතයි.