YES FM  අද සිය 25 වැනි සංවත්සරය සමරයි

YES FM අද සිය 25 වැනි සංවත්සරය සමරයි

by Staff writer 10-12-2018 | 8:13 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාවේ අංක එකේ ජනප්‍රියතම ඉංග්‍රීසි ගුවන් විදුලි නාලිකාව වන YES FM අද සිය 25 වැනි සංවත්සරය සමරයි.

ශ්‍රී ලංකා ගුවන් විදුලි වංශ කතාවේ නව යුගයක් සනිටුහන් කරමින් YES FM තම විකාශන කටයුතු ආරම්භ කරන්නේ 1993 දෙසැම්බර් 10 වැනි දා උදෑසන 6.00 ට ය. ශ්‍රී ලංකාවට නව ගුවන් විදුලි සංකල්ප මෙන්ම ඉහළ ගුණාත්මක ශ්‍රවණ තත්ත්වයක් හඳුන්වා දුන් YES FM ජාත්‍යන්තර කීර්තියට පත් වෙන්ගා බෝයිස්, මයිකල් ලර්න්ස් ටු රොක්, මයිකල් බෝල්ටන් වැනි සුප්‍රක්‍රට ජාත්‍යන්තර තරු මෙරටට ගෙන එන්නට ද දායක විය. YES FM අද තම උපන් දිනය සැමරුවේ කොළඹ කොටුව එචලන් චතුරඝ්‍රයේ නත්තල් කලාපයෙදීයි.