හොරණ - කොළඹ මාර්ගයේ බස් වර්ජනයක්

හොරණ - කොළඹ මාර්ගයේ බස් වර්ජනයක්

by Staff writer 10-12-2018 | 4:04 PM

COLOMBO (News 1st) - මාර්ග අංක 120 හොරණ - කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ හිමියන් අද දින බස් ධාවනයනේ ඉවත්වී තිබේ.

සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ, ලංගම සුඛෝපභෝගී බස් රථයක් උදෑසන කාලයේ සහ පස්වරුවේ ධාවනයට ආදේශ කිරීමට විරෝධය පළ කරමින් මෙම බස් රථ රියැදුරන් බස් ධාවනයේ ඉවත්ව ඇති බවයි. මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අධිකාරිය දැනුවත් කර ඇතැයි ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය. අද පෙරවරුවේ සිට ආරම්භ කර ඇති බස් රථ වර්ජනය මේ වනවිටත් පැවැත්වෙනු ඇති.