රත්නපුර, තෙප්පනාවේ ද්විත්ව ඝාතනයක්

රත්නපුර, තෙප්පනාවේ ද්විත්ව ඝාතනයක්

by Staff writer 10-12-2018 | 8:34 AM
COLOMBO (news 1st) : රත්නපුර, තෙප්පනාව ගොරක ඇළ මාර්ගයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 9ත් 10ත් අතර කාලයේදී මෙම පහරදීම සිදුව ඇති බවයි. පහරදීමෙන් තුවාල ලැබූ තිදෙනෙකු රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී දෙදෙනෙකු මියගොස් තිබේ. පොලීසිය පැවසුවේ, තුවාල ලැබූ අයෙකු රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි. මියගොස් ඇත්තේ, 35 සහ 34 හැවිරිදි ගොරක ඇළ දොඩම්පේ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. ඝාතකයින් අත්අඩංගුවට ගැනීම සඳහා රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධික්ෂණය යටතේ, විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසී ය.