පොහොට්ටුවට සහය දෙන නායකයෝ අද ජනපති හමුවෙති

පොහොට්ටුවට සහය දෙන නායකයෝ අද ජනපති හමුවෙති

by Staff writer 10-12-2018 | 9:00 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට සහය පළ කරන සියලු පක්ෂවල නායකයින් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට නියමිතව තිබේ. නිවුස්ෆස්ට් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ, දහවල් 12ට ජනාධිපති කාර්යාලයේදී එම හමුව පැවැත්වෙන බවයි. ජනාධිපතිවරයා සමග පැවැත්වෙන එම හමුවට පෙර පොදුජන පෙරමුණට සහය පළ කරන පක්ෂ නායකයින්, හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් උදෑසන 8ට ආරම්භ විය. ඒ මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිළ නිවසේදීයි. පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කළේ, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසු ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ ඉදිරි මැතිවරණ සඳහා මුහුණ දිය යුතු ආකාරය පිළිබඳ මෙම සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු කරන බවයි.