පුහුණු තරගය ජයපරාජයෙන් තොරව අවසන්

නවසීලන්ත සංචාරයේ ශ්‍රී ලංකාව සහභාගීවූ පුහුණු තරගය ජයපරාජයෙන් තොරව අවසන්

by Staff writer 10-12-2018 | 12:32 PM
නවසීලන්තයේ සංචාරයේ නිරත  ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගීව පළමු පුහුණු තුන්දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. අද දෙවැනි ඉන්ිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු පහක් පමණක් දැවී ලකුණු 320 ක් රැස්කරගෙන සිටිය දී ඉනිම අත්හිටුවා ප්‍රතිවාදී නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම දිනය අවසානයේ සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු දෙකක් දැවී රැස්කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 139 ක්. ධනුෂ්ක ගුණතිලක ලකුණු 83 ක් හා  කුසල් මෙන්ඩිස්  ලකුණු 72 ක් ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් රැස්කළ අතර, ලහිරු තිරිමාන්න ලකුණු 45 ක් ද නිරෝෂන් දික්වැල්ල ලකුණු 43 ක් රැස් කළේය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 9 ක් දැවී ලකුණු 210 ක් රැස්කළේ සියලු කිරීමට සමත් විය. ලකුණු 104 කට කඩුලු 9 ක් දැවී සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 210 ක් වැනි ගෞරවණීය ලකුණු සංඛ්‍යාවක් වෙත රැගෙන යාමට ඇන්ජලෝ මැතිව්ස් හා අවසන් පිතිකරු ලෙස පිටියට පිවිසි ලහිරු කුමාර සමත් විය. ඇන්ජලෝ නොදැවී ලකුණු 128 ක් රැස්කළ අතර, පන්දු 48 ක් තුළ නොදැවී ලකුණු 10 ක් රැස්කිරීමට සමත්විය. පිළිතුරු ලෙස පළමු ඉනිමට නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 270 ක් රැස්කර සිටිය දී ඉනිම අත්හිටු වීය.