දඹර අමිල හිමි ගොනු කළ පෙත්සම් සලකා බැලීම ජනවාරි 7

දඹර අමිල හිමි ගොනු කළ පෙත්සම් සලකා බැලීම ජනවාරි 7 වනි දා

by Staff writer 10-12-2018 | 3:13 PM

COLOMBO (News 1st) - පූජ්‍ය දඹර අමිල හිමියන් සහ තව ත් පාර්ශවකරුවෙකු අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම ලබන මස 07 කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයට පත් කිරීම නීති විරෝධී බවට හා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම සහ කැබිනට් මණ්ඩලය ඉවත් කිරීම නීති විරෝධී බවට නිගමනය කරන්නැයි ඉල්ලා මෙම පෙත්සම් ගොනු කර ඇත. අද දින මෙම පෙත්සම් කැඳවනු ලැබුවේ, සිසිර ද අබෲ, බුවනෙක අළුවිහාරේ සහ මූර්තු ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.