වනජීවි නිලධාරීන් ගිය කැබ් රථයකට වෙඩි ප්‍රහාරයක්

වනජීවි නිලධාරීන් පිරිසක් ගමන්ගත් කැබ් රථයකට වෙඩි ප්‍රහාරයක්

by Staff writer 09-12-2018 | 12:00 PM

COLOMBO (News 1st) - බූන්දල වනජීවි කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ගමන්ගත් කැබ් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

වනජීවි දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බුන්දල රක්ෂිතයේ ලේවාය ආසන්න අතුරු මාර්ගයකදී ඊයේ රාත්‍රි 10.00 ට පමණ එම වෙඩි ප්‍රහාරය එල්ල වූ බවයි. වෙඩි ප්‍රහාරයෙන් කිසිවෙකුටත් අනතුරක් වී නැත. කැබ් රථයට වෙඩි තබන ලද අවස්ථාවේ එහි නිලධාරීන් සිව්දෙනෙකු සිටියහ. අනවසරයෙන් බූන්දල ජාතික උද්‍යාන රක්ෂිතයේ දඩයමේ පැමිණි දෙදෙනෙකු මෙලෙස වෙඩි තැබීම සිදුකළ බව අනාවරණය වී තිබේ. වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවකු අත්අඩංගුවට ගෙන හම්බන්තොට පොලීසියට භාරදී ඇති අතර අනෙක් සැකකරු පළගොස් ඇති බව ද එම නිලධාරියා සඳහන් කළේ ය. සැකකරුවන් හම්බන්තොට වැලිගත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.