මාස 6 ක් තුළ දියේ ගිලීමෙන් 349 දෙනෙකු මරුට

මාස 6 ක් තුළ දියේ ගිලීමෙන් 349 දෙනෙකු මරුට

by Staff writer 09-12-2018 | 6:37 AM

COLOMBO (News 1st) - පවතින වර්ෂාවත් සමග ජලාශ, වැව් සහ ගංගා භාවිතයේදී විමසිලිමත් වන්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, පාසල් නිවාඩු සමයේ චාරිකා සඳහා ගොස් අනාරක්ෂිත ස්ථානවලින් දියනෑමෙන් වැළකිය යුතු බවයි. දෛනිකව දියේ ගිලීම් හේතුවෙන්, මරණ 3 - 5ත් අතර සංඛ්‍යාවක් වාර්තා වන බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර ගත වූ පළමු මාස 6 ක කාලය තුළ පමණක් පුද්ගලයින් 349 දෙනෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇත. පොලීසිය සඳහන් කළේ, ඉන් 291දෙනෙකු පිරිමි පුද්ගලයින් වන බවයි. දියේ ගිලීම් හේතුවෙන් මියගොස් ඇති කාන්තාවන් සංඛ්‍යාව 58 කි. මහවැලි ගඟේ දිය නෑමට ගොස් අතුරුදන් වූ තරුණයාගේ සිරුර ඊයේ රාත්‍රියේ සොයා ගැණුනි. ඔහු නාවලපිටිය, පල්ලේගම පදිංචි 20 හැවිරිදි තරුණයෙක් ය. එහිදි මියගිය තරුණයා ඇතුළු තිදෙනෙක් සැඩ පහරට හසු වී ගසා ගෙන ගොස් ඇති අතර තරුණියක් හා තරුණයෙකු ප්‍රදේශවාසින් විසින් බේරාගෙන තිබේ. පොලීසිය සඳහන් කළේ, මියගිය තරුණයාගේ සිරුර ගඟට බැස ඇති ස්ථානයේ සිට මීටර් 50 ක් පමණ පහළින් වූ ගැඹුරුවලක තිබී සොයාගත් බවයි.