බේරුවලින් ප්‍රභූ ආරක්ෂක අවියක් හා අවි 7ක් සොයාගනී

බේරුවල නිවසකින් ප්‍රභූ ආරක්ෂක අවියක් ඇතුළු ගිනිඅවි 8ක් සොයාගනී

by Staff writer 09-12-2018 | 5:11 PM
COLOMBO (News 1st) : කළුතර කොට්ඨාස නීතිය බල ගැන්වීමේ ඒකකය බේරුවල දීනගොඩ ප්‍රදේශයේ නිවසක් වැටලීමෙන් මිනිවුෂු වර්ගයේ ප්‍රභූ ආරක්ෂක ගිනි අවියක් ඇතුළු ගිනි අවි 8ක් සොයා ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, උණ්ඩ 800 කට අධික තොගයක් ද අදාළ නිවසේ තිබි සොයා ගත් බවයි. ප්‍රභූ ආරක්ෂක ගිනි අවියට අමතරව ෂොට් ගන් 6 ක්, මිලිමීටර් 2.5 වර්ගයේ ගිනි අවියක් දුනු විඳින වර්ගයේ අවියක් සොයා ගත් බව පොලීසිය පැවසී ය. බදුරලිය ලත්පදුර ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව කළ පරීක්ෂාවකදී මෙම ගිනි අවි සහ උණ්ඩ තොගය සොයා ගත් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ය.