by Staff writer 09-12-2018 | 2:02 PM
COLOMBO (News 1st) - දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර භාවිත කළ ජංගම දුරකතනයේ දත්ත පරීක්ෂා කිරීමට හොංකොං දේශයට යවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අදාළ ජංගම දුරකතනය රැගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරීවරයෙකු ඇතුළු නිලධාරීන් දෙදෙනෙක් හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියකු ඊයේ රාත්‍රියේ හොංකොං දේශය බලා පිටව ගිය බවය.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂ ලේකම් ගෝඨභය රාජපක්ෂ මහතා ඝතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවති බවට දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර පසුගියා ද හෙළිදරව්වක් කළේ ය.
එම පරීක්ෂණවලට අදාළව අධිකරණ නියෝග මත දූෂණ විරෝධි බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා භාවිත කළ ජංගම දුරකතනයේ මකා දමා ඇතැයි පැවසෙන දත්ත පිළිබඳව පරීක්ෂා කිරීමට මෙලෙස ඊයේ රාත්‍රියේ අදාල ජංගම දුරකතනට හොංකොං දේශ වෙත රුගෙන ගොස් තිබේ.
අදළ පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව එහි වාර්තා ද රුගෙන මෙම නිලධාරීන් ඉදිරියේදී දිවයිනට පැමිණිමට නියමිතයි.