by Sagarika Chathumali 09-12-2018 | 7:03 PM
COLOMBO (News 1st) : දෙණියාය ප්‍රදේශයේ වතුයායකදී අද සවස කැබ් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් කාන්තාවක මිය ගොස් තවත් 6 දෙනෙකු තුවාල ලැබී ය.
පොලීසිය සඳහන් කළේ , එක ම පවුලේ සමාජිකයින් පිරිසක් අනතුරට මුහුණ පා ඇති බවයි.
කැබ් රථය අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළී ඇති අතර මිය ගොස් ඇත්තේ, 50 හැවිරිදි කාන්තාවකි.
තුවාල ලැබූවන් ප්‍රථිකාර සඳහා දෙණියය රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පැවසී ය.
දෙණියාය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් පැමිණි ගාල්ල උඩුගම ප්‍රදේශයේ පදිංචි පිරිසක් මෙලෙස අනතුරට මුහුණ පා තිබේ.