ගල්කිස්ස මාරක අනතුරේ බීමත් රියැදුරු රිමාන්ඩ්

තිදෙනකුට මරු කැඳවූ ගල්කිස්ස අනතුරේ රියැදුරු රිමාන්ඩ්

by Staff writer 09-12-2018 | 9:55 PM
COLOMBO (News 1st) : ගල්කිස්ස සහ රත්මලාන ප්‍රදේශවල අද අලුයම සිදුවූ රිය අනතුරුවලට සම්බන්ධ සැකකාර රියදුරා ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. එම ප්‍රදේශවල සිදුවූ අනතුරු දෙකකින් පුද්ගලයින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. පොලීසිය සඳහන් කළේ, ඉන් පස්දෙනෙකු තුවාල ලැබූ බවයි. ඔවුන් ප්‍රථිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. ඉන් එක් අනතුරක් සිදුව තිබුණේ රත්මලාන ඉන්ධන පිරවුම් අසලදී මෝටර් රථ දෙකක් සහ යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙනි. එහිදී දෙදෙනෙකු මියගොස් තවත් 4 දෙනෙක් තුවාල ලැබුහ. ගල්කිස්ස අධිකරණ සංකිර්ණය ආසන්නයේදී සිදුවූ අනෙක් අනතුරින් පුද්ගලයකු මියගොස් තවත් අයෙකු තුවාල ලැබී ය. අනතුර සිදුකර රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකාර රියදුරා ද තුවාල ලබා ප්‍රථිකාර සදහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යවා තිබේ. සැකකාර රියදුරා අනතුරු සිදුකරන අවස්ථාවේ බීමතින් සිට ඇති බව පරික්ෂණවලදී අනාවරණය වී ඇතැයි පොලීසිය පැවසී ය. https://www.youtube.com/watch?v=Pmd7bqqA2kw