ත්‍රිකුණමාලයේ ළිඳක් තුළ බිළිඳු මළ සිරුරක්

ත්‍රිකුණමාලයේ ළිඳක් තුළ බිළිඳු මළ සිරුරක්

by Staff writer 09-12-2018 | 3:40 PM
COLOMBO (News 1st) : ත්‍රිකුණාමලය, පූමරතඩිච්චේනෙයි ප්‍රදේශයේදී දින 13ක් වයසැති බිළිදෙකු ළිඳකට දමා ඝාතනය කර තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ මේ සම්බන්ධයෙන් පොලීසියට ලද තොරතරක් මත මෙම බිළිඳු මළ සිරුර සොයා ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් අසල්වාසීන්ගෙන් ලද තොරතුරු මත බිළිඳාගේ දෙමාපියන් අත්අඩංගුවට ගෙන තිබේ. බිළිඳාගේ මෘත දේහය ත්‍රිකුණාමලය රෝහලේ තැන්පත් ඇතැයි පොලීසිය පැවසී ය.