by Staff writer 09-12-2018 | 6:14 PM
COLOMBO (News 1st) : ඉදිරි මැතිවරණයකට පෙර එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් සිදු විය යුතු බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා පවසයි.
''ජනාධිපති මැතිවරණයක් ආවම පොදු අපේක්ෂකතුමෙක් පිළිබඳව අපි සාකච්ඡා කරනවා. ඒ පොදු අපේක්ෂක මෙවර එක්සත් ජාතික පක්ෂයේ තරුණ කෙනෙක් මෙවර ඉදිරිපත් කරලා ඒ හරහා සිදු වෙන්න ඕනෙ කියන බලපෑම අපි කරනවා''
හකීම් මහතා මුස්ලිම් කොංග්‍රසයේ කුරුණෑගල දිස්ත්‍රික් කෘත්‍යාධිකාරී මණ්ඩල කමිටු රැස්වීම අවසානයේ මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් මෙම අදහස් පළ කළේ ය.
එකී වෙනස හරහා රටේ ජනතාවට නවමු බලපොරොත්තුවක් ලබා දිය යුතු බව ද ඔහු එහිදී අවධාරණය කර සිටියේ ය.
''අපි නම් කියන්නෙ එන මැතිවරණයෙදි යම් ව්‍යුහාත්මක වෙනසක් ඇති කරලා අලුත් බලාපොරොත්තුවක් මේ රටේ ජනතාවට ලබා දෙන්න ඕනෙ. විශේෂයෙන්ම දීප ව්‍යාප්ත මැතිවරණයකට යද්දි. හැබැයි ඒක පාර්ලිමේන්තු මැතිවරණය වෙන්න පුළුවන්, ජනාධිපති මැතිවරණය වෙන්න පුළුවන්''
https://www.youtube.com/watch?v=1LA_5rA0-1U