ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 09-12-2018 | 6:22 AM

දේශිය පුවත්

1. පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානයකට, නායකත්වය මහින්ද රාජපක්ෂට: ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක් ව නව සන්ධානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේදී තීරණය කර තිබේ. 2. ඉදිරි මැතිවරණයට මර්වින් සිල්වා එක්සත් ජාතික පක්ෂයෙන්: ඉදිරි මැතිවරණයේදී තමා එක්සත් ජාතික පක්ෂයෙන් තරගවදින බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි. 3. මන්නාරම සමූහ මිනී වළේ කැණීම් අතරතුර හමුවූ පා බැඳි පුද්ගලයෙකුගේ ඇටසැකිල්ල පිළිබඳව පළ වන වාර්තා නිශ්චිතවම කිව නොහැකියි: – මන්නාරම සමූහ මිනී වළේ කැණීම් අතරතුර හමු වූ ඇටසැකිලි කාබන් කාල නීර්ණය කිරීම සඳහා අමෙරිකාවේ ෆ්ලෝරීඩාහි පිහිටි ඩීටා ඇනලිටික්ස් ආයතනය වෙත යොමු කිරීමට තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. 4. ඉදිරි වසර 4 තුළ ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 15ක්: ඉදිරි වසර 4 තුළ ශ්‍රී ලංකාව ගෙවිය යුතු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 15ක් බවට වාර්තා වේ. 5. රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ රැඳී සිටින්නේ කාගේ අනුමැතියෙන් ද?: මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසුවේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ රැඳී සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතියෙන් බව ය.

විදෙස් පුවත්

6. සඳ ගවේෂණයට චීනයෙන් ප්‍රථම වරට රොබෝ යානයක්: සඳේ අවදානම් ප්‍රදේශ ගවේෂණය සඳහා ප්‍රථම වරට රෝබෝ යානයක් උපයෝගි කර ගැනීමට චීනය සූදානම් වෙයි.