by Staff writer 09-12-2018 | 9:47 PM
COLOMBO (News 1st) : කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියන් බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇතැයි, දුම්රිය පාලක මැදිරිය පවසයි.
ඒ උඩරට මැණිකේ දුම්රිය බණ්ඩාරවෙල ,හීල්ඔය ප්‍රදේශයේදී අද පස්වරුවේ පීලි පැනීමකට ලක් වීම හේතුවෙනි.
දුම්රිය මාර්ගයේ පීලිගත කිරීම් මේ වන විට ආරම්භ කර ඇති බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ය.
කෙසේ වෙතත් පීලිගත කිරිම් අවසන් කිරීමට නොහැකි වුවහොත් බදුල්ලේ සිට කොළඹට ධාවනය වීමට නියමිත රාත්‍රි තැපැල් දුම්රිය අවලංගු කිරිමට හෝ ප්‍රමාද විය හැකි බව දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් පැවසී ය.