ජල ගාස්තු ඉහළ යයි ද?

"ජලය අපතේ යාම පාලනය කරන්නේ නම් ගාස්තු ඉහළ දැමිමේ අවශ්‍යතාවක් නැහැ" - විගණන වාර්තාව හෙළිකරයි

by Staff writer 09-12-2018 | 7:00 AM

COLOMBO (News 1st) - ජලය අපතේ යාම පාලනය කරන්නේ නම් ජල ගාස්තු ඉහළ දැමීමේ කිසිදු අවශ්‍යතාවක් නැතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසයි.

විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ප්‍රකාශ කළේ, ජල ගාස්තු ඉහළ නැංවීම කෙරෙහි ඇති වූ සූදානමත් සමග කළ විගණන පරීක්ෂාවේදී ඒ බව තහවුරු වූ බවයි. ව්‍යාපෘති සඳහා අවශ්‍ය පිරිවැයට වඩා වැඩි පිරිවැයක් ඇස්තමේන්තු කර ව්‍යාපෘති කිරීම තුළින් ද ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය පාඩු ලබමින් ඇතැයි විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ප්‍රකාශ කළේ ය.