හෙරොයින් ජාවාරමේ නිරත තිදෙනෙක් පොලීසියට කොටුවෙති

හෙරොයින් ජාවාරමේ නිරත තිදෙනෙක් පොලීසියට කොටුවෙති

by Staff writer 08-12-2018 | 10:21 AM

COLOMBO (News 1st) - හෙරොයින් ජාවාරමේ නිරත සැකකරුවන් තිදෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවල කළ මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් සතුව තිබි සොයා ගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 564 කට අධිකයි. පොලීසිය සඳහන් කළේ, කැලණිය, පෑලියගොඩ, පානදුර ප්‍රදේශවලදී එම සැකකරුවන් අත්අඩංගුවටට ගත් බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කරන බව පොලීසිය සඳහන් කළේ ය.