සඳ ගවේෂණයට චීනයෙන් ප්‍රථම වරට රොබෝ යානයක්

සඳ ගවේෂණයට චීනයෙන් ප්‍රථම වරට රොබෝ යානයක්

by Staff writer 08-12-2018 | 9:29 AM

සඳේ අවදානම් ප්‍රදේශ ගවේෂණය සඳහා ප්‍රථම වරට රෝබෝ යානයක් උපයෝගි කර ගැනීමට චීනය සූදානම් වෙයි.

චේන්ජ් ෆෝ ලෙස හැඳින්වෙන මෙම මෙහෙයුම තුළින් සඳ ගවේෂණයේදී ‍මෙතෙක් අවධානය යොමු නොවු අවදානම් සහ දුෂ්කර ප්‍රදේශ ගවේෂණය කිරීමේ අරමුනිණි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීනයේ ෂිජැන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශගත කෙරුණු මාච් ත්‍රි බි අභ්‍යාවකාශ යානය මගින් මෙම රොබෝ අභ්‍යවකාශ කර ඇති බවයි. එය ලබන ජනවාරි වන විට සඳ මත පතිත වනු ඇති බවට උපකල්පනය කර තිබේ. මෙමගින් සඳේ පාෂාණ සහ පාංශු කොටස් තවදුරටත් ගවේෂණය කිරීමට අපේක්ෂිතයි. චීනය මීට පෙර 2013 වසරේදී ද චේන්ජ් ත්‍රි නමින් සඳ ගවේශනය සඳහා මෙහෙයුමක් දියත් කළේ ය.