ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන සතියේ

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කෙරේ

by Staff writer 08-12-2018 | 10:00 AM

COLOMBO (News 1st) - මෙවර 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ලබන සතියේ නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් ජනරාල් සනත්. බි. පූජිත මහතා සඳහන් කළේ, එම ප්‍රතිඵල අධ්‍යාපන අමාත්‍යංශයට හා පාසල්වලට යොමු කරන බවයි. මෙවර 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා ඉදිරිපත් කළ අයැදුම්පත් සංඛ්‍යාව 20,000 කට අධිකයි.