වන ඝනත්වය ඉහළ නැංවීමට පියවර

වන ඝනත්වය ඉහළ නැංවීම සඳහා ඉඩම් හඳුනා ගැනීම ඇරඹෙයි

by Staff writer 08-12-2018 | 7:34 AM

COLOMBO (News 1st) - දිවයිනේ වන ඝනත්වය ඉහළ නැංවීම සඳහා සුදුසු ඉඩම් හඳුනා ගැනීම ආරම්භ කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

වන සංරක්ෂණ ජනරාල් අනුර සතුරුසිංහ මහතා ප්‍රකාශ කළේ, දිවයිනේ වන ගහනය 2030 වසර වන විට 32% ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති බවයි. දැනට මෙරට වන ගහනය 29.7% කි. නව වන වගාව සඳහා ඉඩම් හෙක්ටෙයාර් දෙලක්ෂයක් පමණ අවශ්‍ය බවට හඳුනාගෙන ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය. ඒ අනුව අදාළ ඉඩම් ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් හඳුනා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව අනුර සතුරුසිංහ මහතා ප්‍රකාශ කළේ ය. හඳුනාගත් ඉඩම්වල වන වගාව සිදු කෙරෙන ආකාරය සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ද ඔහු ප්‍රකාශ කළේ ය.