වතු කම්කරුවන් පිරිසක් හතරවන දිනටත් වැඩ වර්ජනයක

වතු කම්කරුවන් පිරිසක් හතරවන දිනටත් වැඩ වර්ජනයක

by Staff writer 08-12-2018 | 12:31 PM

COLOMBO (News 1st) - දෙණියාය - අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ දෙනියාය වත්ත ඉදිරිපිටදී වතු කම්කරුවන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය.

ඒ, තම දෛනික මූලික වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කරන්නැයි බල කරමිනි. වතු කම්මකරුවන් පැවසුවේ, වැටුප් වැඩි කරන්නැයි බල කරමින් දින 04 ක සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ද ක්‍රියාත්මක බවයි. අප වාර්තාකරුවන් සඳහන් කළේ, මාතර, දෙබරලිය සහ එන්සල්වත්ත ඉදිරිපිට වතු කම්කරුවන් පිරිසක් ද සිය දෛනික මූලික වැටුප වැඩි කරන ලෙස බල කරමින් අද පෙරවරුවේ විරෝධතාවයේ නිරත වූ බවයි. මේ අතර වතු කම්කරුවන් ආරම්භ කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට බෙහෝ වතුවල සේවා අඩාලවී ඇති බව අප වාර්තාකරුවන් පැවසුවේ ය.