රනිල් අරලියගහ මන්දිරයේ සිටින්නේ කාගේ අනුමැතියෙන්ද?

රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයේ රැඳී සිටින්නේ කාගේ අනුමැතියෙන් ද? - බිමල් රත්නායක හෙළි කරයි

by Staff writer 08-12-2018 | 7:23 PM
COLOMBO (News 1st) - ජනතා විමුක්ති පෙරමුණ අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි. එහිදී මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පැවසුවේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ රැඳී සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතාගේ අනුමැතියෙන් බව ය. අගමැතිපොරයට ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් නොවන බවත් ආණ්ඩු හදා ගැනීම බහුතරය තියෙන අයගේ කාර්යයක් බවත් මෙහිදී බිමල් රත්නායක මහතා අවධාරණය කළේ ය.