විභාග වංචා කළ සිසුවාගේ විභාග අපේක්ෂකත්වය අහෝසියි

බලංගොඩ විභාග වංචාවක් කළ සිසුවාගේ විභාග අපේක්ෂකත්වය අහෝසියි...

by Staff writer 08-12-2018 | 7:22 AM

COLOMBO (News 1st ) - ජංගම දුරකතනය භාවිත කර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේ චෝදනාවට ලක් වූ සිසුවාගේ විභාග අපේක්ෂකත්වය අත්හිටුවීමට විභාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, විභාග පනත යටතේ ඔහුට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි. මේ අතර අදාළ සිසුවාට දුරකතනය මගින් පිළිතුරු සැපයූ බව කියන ගුරුවරියගේ සේවය අත්හිටුවා විනය පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බව සබරගමුව පළත් අධ්‍යපාන අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය. සාමාන්‍ය පෙළ විභාගයේ පෙරේදා පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් බලංගොඩ ප්‍රදේශයේ පාසලක මෙම සැකකාර අයැදුම්කරු වෙනත් පාසලක විභාග රාජකාරි යෙදී සිටි එම ගුරුවරිය සමග දුරකතන ඔස්සේ පණිවිඩ හුවමාරු කරගනිමින්, විභාගයට මුහුණ දෙමින් සිටියදී අත්අඩංගුවට පත් විය. අත්අඩංගුවට ගත් සිසුවා සහ ගුරුවරිය ඊයේ බලංගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණි. නඩුව ලබන වසරේ පෙබරවාරි 7 වැනි දා දක්වා කල් තැබු මහේස්ත්‍රාත්වරයා අදාළ දුරකතනවල දත්ත එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට දැනුම් දුන්නේ ය.