ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Hashini De Mel 08-12-2018 | 6:29 AM

දේශීය පුවත්

1. පාර්ලිමේන්තුව විසුරුවීම අත්හිටවූ අතුරු තහනම් නියෝගය 10 තෙක් දීර්ඝ කෙරේ: පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 10 වන දා දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. 2. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්වෙයි: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී රැස් විය. 3. හමාස් සංවිධානය හෙළා දැකීමේ යෝජනාවට ශ්‍රී ලංකාව ඡන්දය දීමෙන් වැළකෙයි: අමෙරිකාව විසින් ඉදිරිපත් කළ හමාස් සංවිධානය හෙළා දැකීමේ යෝජනාව එක්සත් ජාතීන්ගේ සංවිධාන මහා සැසිවාරයේදී ප්‍රතික්ෂේප වී තිබේ. 4. එ.ජා.ප.ය බැඳුම්කර මගඩියට සම්බන්ධ නැහැ – වජිර අබේවර්ධන: 2015 නව රජය පිහිටුවා දින 50ක් තුළ මහ බැංකු වංචාව සිදු කෙරී ඇති බව ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පැවසූවේ, බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මගින් රනිල් වික්‍රමසිංහ මහතා හෝ එක්සත් ජාතික පක්ෂය ඊට සම්බන්ධයක් නොමැති බව හෙළි වී ඇති බව ය. 5. ගාමිණි සෙනරත්ට විදෙස්ගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අවසර: ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ගාමිණි සෙනරත් මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙම මස 15 වන දින සිට 31 වන දින දක්වා සිංගප්පූරුවට සහ තායිලන්තයට යාමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අද අවසර ලබා දුන්නේ ය. 6. ප්‍රතිසංස්කරණය කළ ඉරණමඩු ජලාශ්‍රය ජනපති අතින් ජනතා අයිතියට: ප්‍රතිසංස්කරණය කළ ඉරණමඩු ජලාශ්‍රය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පෙරවරුවේ ජනතා අයිතියට පත් කර තිබේ. 7. කළහකාරී සිදුවීම් හේතුවෙන් පාර්ලිමේන්තුවට රු. 260,000ක අලාභයක්: පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකාරී සිදුවීම් හේතුවෙන් පාර්ලිමේන්තුවේ දේපළවලට රුපියල් 260,000ක පමණ අලාභයක් සිදු ව ඇති බවට තක්සේරු කර තිබේ.

විදෙස් පුවත්

8. අයිෆල් කුළුන වසා දැමේ: කහ කමිසකරුවන්ගේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් ප්‍රංශයේ අයිෆල් කුළුන අද වසා දැමීමට තීරණය කර තිබේ.