ප්‍රදේශ රැසකට අද රාත්‍රී 10.00 සිට ජලය කැපේ

හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් ප්‍රදේශ රැසකට අද රාත්‍රී 10.00 සිට ජලය කැපේ

by Staff writer 07-12-2018 | 9:44 PM
COLOMBO (News 1st) - හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 8.00 තෙක් ගම්පහ, මහර ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව මහර, බියගම, ගම්පහ යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලට, ජා-ඇළ ප්‍රාදේශීය සභා හා නගර සභා බල ප්‍රදේශය ,වත්තල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය හා කටාන ප්‍රදේශීය සභා බල ප්‍රදේශයට අදාළ කාලය තුළ ජල සැපයුම අත්හිටවනු ඇති. බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි බිඳ වැටීමක් මෙම ජල කප්පාදුවට හේතුවයි.