by Staff writer 07-12-2018 | 6:27 PM
COLOMBO (News 1st) - අධිකරණයට අපහාසයක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට පෙබරවාරි 26 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේ ය.
සැකකරුට එල්ල වී ඇති චෝදනා අඩංගු නොතීසි පත්‍රයේ පිටපතක් සහ ඔහු විසින් අධිකරණයට අපහාස වන පරිදි කළේ යැයි කියන සංවාදය අඩංගු සංයුක්ත තැටියේ පිටපතක් රන්ජන් රාමනායක මහතාට මෙන්ම නීතිපතිවරයාට භාර දෙන ලෙස ද විනිසුරු මඩුල්ල ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝගයක් ලබා දුන්නා ය.
අද දින රන්ජන් රාමනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ මාධ්‍ය මගින් දැනගත් කරුණු අනුව බවත්, අධිකරණය නිකුත් කළා යැයි කියන නොතීසි පිටපතක් මේ දක්වා ඔහුට ලැබී නොමැති බවත් ජනධිපති නීතිඥ ෆායිස් මුස්තාෆා මහතා අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ ය.
නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මහතා කරුණු දක්වමින් පෙන්වා දුන්නේ, සැකකාර රන්ජන් රාමනායක මහතා විසින් අධිකරණයට අපහාස වන අාකාරයේ ප්‍රකාශයක් මාධ්‍ය හමුවකදී කර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගය අනුව තමා ඊට පෙනී සිටි බව ය.
ඊවා වනසුන්දර සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ නඩුව අද කැඳවනු ලැබීය.