බලපත්‍ර නොමැති, දැව තොගයක් ගාල්ලේ දී හසුවෙයි

බලපත්‍ර නොමැති, දැව තොගයක් ගාල්ලේ දී අත් අඩංගුවට

by Staff writer 07-12-2018 | 1:16 PM
දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුමෙන් කොලඹ බලා රැගෙන යාමට උත්සහකළ දැව තොගයක් හා ලොරි රථයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු සැකපිට පොලිස් භාරයට ගෙන තිබේ. බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කර ඇති මෙම දැව තොගය ගිංතොට ප්‍රදේයේ සිට කොළඹට ප්‍රවාහනය කිරීමට කටයුතු කර ඇතැයි පොලිසිය වැඩිදුරටත් සදහන් කළේය. පොලිස් භාරයට ගත් දැව තොගයට තේක්ක සහ බුරුත  වැනි වටිනා දැව වර්ග තිබු එහි ඒවායේ වටිනාකම තවමත් තක්සේරු කර නැත. දැව තොගය ප්‍රවාහනය කළ ලොරිය පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් දෙදෙනා වැඩිදුර පරීක්ෂණ සදහා අක්මීමන පොලිසයට භාරදී තිබේ.