අතුරු තහනම,තීන්දුව දෙන තෙක් ක්‍රියාත්මකයි

පෙත්සම් විභාගය අවසන්: අතුරු තහනම, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව දෙන තෙක් ක්‍රියාත්මකයි

by Staff writer 07-12-2018 | 7:19 PM
COLOMBO (News 1st) - ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය, තීන්දුව ප්‍රකාශයට පත් කරන තෙක් ක්‍රියාත්මක බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය. ඒ, අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල විසිනි. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් විභාගය ද අද අවසන් කෙරිණි.