පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි පෙත්සම් විභාගය අදත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් සලකා බැලීම 4 වන දිනටත්

by Staff writer 07-12-2018 | 7:10 AM
COLOMBO (News 1st) - ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් අද සිව් වන දිනටත් ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලීමට නියමිත ය. ඒ, අගවිනිසුරුවරයා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී ය. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා විසින් පසුගිය 09 වන දා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය හෙට දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ පස්වරුවේ නියෝග කළේ ය. අගවිනිසුරු නලීන් පෙරේරා මහතා ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ, එම ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් සම්බන්ධයෙන් විභාගය 4 වන දිනටත් අද යළි පැවැත්වීමට ය.