බේරුවල හෙරොයින් ගෙන ගිය යාත්‍රාවේ හිමිකරු හසුවෙයි

කෝටි ගණනක හෙරොයින් ගෙන ගිය යාත්‍රාවේ හිමිකරුත් කොටුවෙයි

by Staff writer 07-12-2018 | 4:32 PM
බේරුවල මුහුදු තීරයේ දී, හෙරොයින් කිලෝග්‍රැම් 231 කයි ග්‍රෑම් 54 ක් ප්‍රවාහනය කළ ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු අද දහවල් අත්අඩංගුවට පත්ව තිබේ. යටියන්තොට ප්‍රදේශයේ දී මොහු අත් අඩංගුවට ගැනීමට උත්සාහ කරන අවස්ථාවේ දී,  කැලණි ගගට පැන මිදී යෑමට උත්සාහ දරා ඇති බව පොලිසිය සඳහන් කළේය. පසුව මහත් පරිශ්‍රමයක් යොදා මෙම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට සමත් වූ බව ද පොලසීය පැවසුවේය. 44 හැවිරිදි බේරුවල මොරගල්ල පදිංචිකරුවෙකු වන මොහු සන්තකයේ තිබී  රුපියල් ලක්ෂ 15 ක මුදලක් සොයාගැනීමට සමත් වූ බව ද පොලීසිය සදහන් කරයි. මොහු අදාළ හෙරොයින් තොගය සමග පෙරේදා රාත්‍රී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ සහෝදරයෙක්.