by Staff writer 07-12-2018 | 8:58 PM
COLOMBO (News 1st) - 2015 නව රජය පිහිටුවා දින 50ක් තුළ මහ බැංකු වංචාව සිදු කෙරී ඇති බව ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පළ කළ අදහසක් ඊයේ දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කර තිබිණි.
වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පවසන්නේ, බැඳුම්කර විමර්ශන ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මගින් රනිල් වික්‍රමසිංහ මහතා හෝ එක්සත් ජාතික පක්ෂය ඊට සම්බන්ධයක් නොමැති බව හෙළි වී ඇති බව ය.
වජිර අබේවර්ධන මහතාගේ එම ප්‍රකාශයේ සත්‍යතාව ඔහුගේ ක්‍රියා කලාපය අනුව රටේ ජනතාවට පිළිගත හැකි ද?
(හේතු අංක 01)
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධව චෝදනා එල්ල වූ එවකට ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම්වරියක වූ දමයන්ති ජයරත්න මහත්මිය දිගින් දිගටම ආරක්ෂා කිරීම.
ඇය අදටත් ආගිය අතක් නොමැත.
(හේතු අංක 02)
ඉකුත් රජය සමයේ චෝදනා රැසක් එල්ල වූ අනූෂ පැල්පිට මහතා දිගින් දිගටම ආරක්ෂා කිරීම.
(හේතු අංක 03)
මහින්ද රාජපක්ෂ රජය සමයේ සිදු කළ ඉදිකිරීම්වලට අදාළව තම හිතවත් කොන්ත්‍රාත්කරුවෙකුට මුදල් ගෙවන ලෙස ඉල්ලා අගමැති උපදේශකයෙකුට ලිපියක් යැවීම.
මුලින් එවැනි ලිපියක් යොමු නොකළ බව පැවසූ අමාත්‍යවරයා පසුව එවැනි ලිපියක් යොමු කළ බව පිළිගත්තේ ය.
මෙවැනි පසුබිමක් ඇති අයෙකු කරන ප්‍රකාශ රටේ ජනතාව පිළිගනියි ද?