ආසියානු නැගීඑන තරගාවලියේ ශ්‍රී ලංකාවට පළමු ජය

ආසියානු නැගීඑන තරගාවලියේ පළමු තරගයෙන්ම ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

by Staff writer 07-12-2018 | 6:31 PM
ආසියානු කුසලාන නැගීඑන කණ්ඩායම් අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ ඕමාන නැගී එන කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ලකුණූ 109 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම සමත් විය. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති, තරගයේ කාසිය වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක පලමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. ආරම්භක පිතිකරු සදුන් විරක්කොඩි ලකුණූ 29 ක් රැස් කල අතර අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 56 ක් රැස් කලේ හතරේ පහර 9 ක් සමගිනි හසිත බෝයගෝඩ හතරේ පහර 6 ක් හා එක් හයේ පහරක් සමගින් ලකුණු 80 ක් රැස් කල අතර නායක චරිත් අසලංකට අවාසනාවන්ත ලෙස ආබාදයක් හේතුවෙන් පිටියෙන් ඉවත්විමට සිදුවූයේ ලකුණූ 10 ක් රැස්කරගෙන සිටියදියි. කමිදු මෙන්ඩිස් පන්දු 62 කදී ලකුණූ 75 ක් රැස් කරද්දී, නොදැවී කඩුල්ලේ රැදි සිටි ශම්මු අශාන් හතරේ පහ හා හයේ පහර 3 බැගින් එල්ල කරමින් පන්දු 34 කදී ලකුණූ 57 ක්. ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5 ක් දැවී ලකුණූ සංඛයාව 324 ක් රැස්කිරිමට සමත්විය. පන්දු යැවීමේදී ඕමාන කණ්ඩායම වෙනුවෙන් ජේ ඔඩේරා කඩුළු 2 ක් දවා ගත් අතර බිලාල් ඛාන් කඩුළු 2 යි. ලකුණූ 325 ක ඉලක්කයක් හඹාගිය ඕමාන ඉන්ම ලකණු 215 කට සීමාවිය. පන්දු යැවීමේදී ශම්මු අශාන් හා අසේල ගුණරත්න කඩුළු 2 බැගින් දවා ගැනීමට සමත්විය.