ජංගම දුරකතනය භාවිත කරමින් විභාග වංචා කළ ගුරුවරියට හා සිසුවාට ඇප

ජංගම දුරකතනය භාවිත කරමින් විභාග වංචා කළ ගුරුවරියට හා සිසුවාට ඇප

ජංගම දුරකතනය භාවිත කරමින් විභාග වංචා කළ ගුරුවරියට හා සිසුවාට ඇප

කර්තෘ Staff writer

07 Dec, 2018 | 5:23 pm

COLOMBO (News 1st) – ජංගම දුරකතනය භාවිත කර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සිසුවා සහ ගුරුවරිය අද ඇප මත මුදා හැරිණි.

ඒ, සැකකරුවන් බලංගොඩ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.

නඩුව ලබන වසරේ පෙබරවාරි 7 වන දා දක්වා කල් තැබූ මහේස්ත්‍රාත්වරයා අදාළ දුරකතනවල දත්ත එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලීසියට දැනුම් දුන්නේ ය.

ඊයේ පැවති ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට මුහුණ දුන් බලංගොඩ ප්‍රදේශයේ පාසලක බාහිර අයැදුම්කරුවෙකු වූ අදාළ සිසුවා වෙනත් පාසලක විභාග රාජකාරියේ යෙදී සිටි ගුරුවරියක සමග දුරකතනය ඔස්සේ පණිවුඩ හුවමාරු කර ගනිමින් විභාගයට මුහුණ දෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

මූලික විමර්ශනවලදී අනාවරණය වූයේ, සැකකාර ගුරුවරයා විභාග රාජකාරී අතරතුරු අයැදුම්කරුට කෙටි පණිවුඩ මාර්ගයෙන් පිළිතුරු ඒවා ඇති බව ය.