ගාමිණි සෙනරත්ට විදෙස්ගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අවසර

ගාමිණි සෙනරත්ට විදෙස්ගත වීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අවසර

කර්තෘ Staff writer

07 Dec, 2018 | 8:36 pm

ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානී ගාමිණි සෙනරත් මහතාට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙම මස 15 වන දින සිට 31 වන දින දක්වා සිංගප්පූරුවට සහ තායිලන්තයට යාමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයෙන් අද අවසර ලබා දුන්නේ ය.

ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය සාපරාධී විශ්වාසය කඩ කිරීම ඇතුලු චෝදනා 24 ක් යටතේ ගාමිණි සෙනරත් මහතා ඇතුලු 4 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 10 වන දා දක්වා කල් තැබිණි.

අද අධිකරණය හමුවේ පෙනී සිටි පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට එදින යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන විනිසුරු මඩුල්ල අවවාද කළේ ය.