by Staff writer 06-12-2018 | 12:39 PM
COLOMBO (News 1st) - රැකියා සඳහා විදෙස්ගත වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 350කට අධික පිරිසක් විවිධ හේතු මත රටවල් රැසක තානාපති කාර්යාලවල රැකවරණය ලබමින් සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.
ඒහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, වැඩිම පිරිසක් සෞදි අරාබි සහ යේමන තානාපති කාර්යාල භාරයේ සිටින බව ය.
නිසි පරිදි වැටුප් නොලැබීම, තම සේවා ස්ථානයේදී විවිධ හිංසනයන්ට ලක්වීම ඇතුළු කරුණු ගණනාවක් හේතුවෙන් මේ පිරිස දුෂ්කරතාවට පත්ව තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ, අදාළ රටවල කම්කරු අමාත්‍යංශය සමග සාකච්ඡා කොට ඔවුන් කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව ය.
ඊට අකමැති පිරිස් සඳහා එම රටේම වෙනත් හාම්පුතෙකු යටතේ සේවය කිරීමට පහසුකම් සලසන බව ද විදේශ සේවා නියුක්ති කාර්යංශය ප්‍රකාශ කළේ ය.