by Staff writer 06-12-2018 | 12:58 PM
(News 1st) - මේ වසරේ ගෝලීය කාබන්ඩයොක්සයිඩ් විමෝචන ප්රතිශතය වාර්තාගත ලෙස ඉහළ යනු ඇතැයි නවතම වාර්තාවක් පුරෝකථනය කරයි.
එම වාර්තාවෙන් දැක්වෙන්නේ, 2017 වසරේදී ඉන්ධන දහනයෙන් වායුගෝලයට මුසු වූ කාබන්ඩයොක්සයිඩ් ප්රතිශතය 1.7% ක් ලෙස සටහන් වූ අතර මේ වසරේදී එය 2.7% ක් දක්වා ඉහළ යනු ඇති බව ය.
එය කාබන්ඩයොක්සයිඩ් ටොන් බිලියන 37.1කි.
මෙම තොරතුරු හෙළි කෙරුණේ, ග්ලෝබල් කාබන් බඩට් නමැති වාර්ෂික වාර්තාවෙනි.