by Sagarika Chathumali 06-12-2018 | 3:00 PM
COLOMBO (News 1st) : උත්සව සමය ඉලක්ක කර ලබන 20 වන දා සිට විශේෂ බස්රථ සේවා ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
එහි සභාපති රමාල් සිරිවර්ධන මහතා සඳහන් කළේ, එම බස් සේවය ජනවාරි 02 වන දා දක්වා ක්‍රියාත්මක බවයි.
ඊට අමතරව උත්සව සමය වෙනුවෙන් ලබන 15 වන දා සිට කෙටි ගමන් සේවා බස් ද ක්‍රියාත්මක කෙරෙන බව ඔහු පැවසී ය.
එම බස් රථ මීගමුව, ජා-ඇල වෙන්නප්පුව ආදී ප්‍රදේශ ඉලක්ක කර ධාවනය කෙරෙනු ඇති.