by Staff writer 06-12-2018 | 9:37 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව තුළ පවතින දේශපාලන අර්බුදය කඩිනමින් විසඳාගත යුතු බව ශ්‍රී ලංකාවේ අමෙරිකා එක්සත් ජනපද තානාපතිනි අලියානා ටෙප්ලිට්ස් මහත්මිය පවසන්නී ය.
ඩේලි එෆ් ටී පුවත්පත සමග සාකච්ඡාවකට එක්වෙමින් තානාපතිනිය පෙන්වා දෙන්නේ මිතුරෙකු සහ සහකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවට සහ නායකයින්ට ඉතා ඉක්මනින් විනිවිද පෙනෙන ආකාරයට හා ප්‍රජාතන්ත්‍රවාදීව වත්මන් ගැටලුව විසඳාගන්නා ලෙස ඉල්ලා සිටින බවයි.
මෙම අර්බුදය තුළ තමන්ට ප්‍රියතම අයෙකු නැතැයි, ඇමරිකානු තානාපතිනිය පුවත්පතට පවසා තිබේ.
ඇය සඳහන් කළේ, ව්‍යවස්ථාමය ක්‍රියාවලියට සහ විනිවිදභාවයට ගරුකරන නීත්‍යානුකූල රජයක් නිර්මාණය වීම අපේක්ෂා කරන බවයි.