by Sagarika Chathumali 05-12-2018 | 10:29 PM
COLOMBO (News 1st) : හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයාට ලිපියක් යොමු කරනු ලැබ තිබේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට අදාළ ලිපිය යොමු කිරිමට හේතු වී ඇත්තේ, පසුගිය දිනවල පක්ෂයේ කටයුතුවලට එතුමියට ආරාධනා නොලැබීමයි.
අදාල ලිපියේ දැක්වෙන්නේ, ඔක්තොම්බර් 26 වන දා සිදුවූ වෙනසින් පසුව පැවති පක්ෂ සංවිධායකවරුන්ගේ රැස්වීම සමස්ත ලංකා කාරක සභාව තමන්ට දැනුම් නොදුන් බවයි.
තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරිය බවත්, අදාළ අවස්ථා දැනුම් නොදීමට හේතු කවරේ දැයි තමන් දැගන්නට කැමති බවත් කුමාරතුංග මහත්මිය අදාළ ලිපියෙන් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට දන්වා තිබේ.