සා/පෙළ විභාග වංචාවක් කළ අයෙක් අත්අඩංගුවට

සා/පෙළ විභාග වංචාවක් කළ අයෙක් අත්අඩංගුවට

by Staff writer 05-12-2018 | 12:06 PM
COLOMBO (News 1st) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අපේක්ෂකයෙකු වෙනුවෙන් විභාගයට පෙනී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා සඳහන් කළේ, විභාග ශාලාධිපති හා නිරීක්ෂකයෙකු විසින් සැකකරු හඳුනාගෙන පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීම සිදු කළ බව ය. ඊයේ දිනයේ පැවති දෙමළ භාෂාව හා සාහිත්‍යය විෂයට සැකකරු විභාග අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිට ඇති බව කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේ ය. සිද්ධිය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවෙන් ද වෙනම පරීක්ෂණයක් ක්‍රියාත්මක ය.