සන්ධානය අද ත් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

by Staff writer 05-12-2018 | 9:04 PM

COLOMBO (News 1st) - අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් වූ යෝජනාව කල් දැමීමට එක්සත් ජාතික පක්ෂය පියවර ගෙන තිබේ.

කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුව රැස් වූ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය අද ත් සභාව හා පක්ෂනායක රැස්වීම වර්ජනය කළේ ය. විශ්වාසභංග යෝජනාව සම්මතවී ඇති බැවින් ඉදිරි පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින යෝජනාවක් ගෙන ඒමට අද එක්සත් ජාතික පක්ෂය සූදානමින් සිටියේ ය.